- කකුල - පය, පාදය, ගාතය, ගාත්‍රය, පිය
- කඩුව - අසිපත, කග, කගපත, කඩුපත
- කතරගම දෙවිඳු - මුරු, දේව, සුර, අමර, තිදස, දිත්රුපු
- කන්ද - පර්වතය, පව්ව, ගිර, කූටය, ගිරිය, කුළ
- කන - සවන, වදන්මඟ, කර්ණය, සෝ, ශ්‍රවණය, ශ්‍රෝත, ශ්‍රවනේන්ද්‍රිය
- කම්පාව - කැළඹුම, අන්දෝලනය, ඇළලුව, ලෙලුම, මථනය, කලම්භනය, ඛේදය, සසල
- කම්මැලි - අලස, මැළි, උදාසීන, ඔතෑනි, කුසීත, උකටලී
- කරදර - ගැහැට, උවදුරු, අනතුරු, අන්තරා, උපද්‍රව, විපත්, ආපදා, ආපදාව, හිරිහැරය, ව්‍යසනය, පිරිපන, අනතුර, විනාශය, විපත්තිය
- කල්‍යාණ - හොඳ, යහපත්, කලණ
- කාන්තාව - ස්ත්‍රිය, ගැහැණිය, ලිය, ළඳ, මාගම, නාරි, තුනුවඟ, කල, කල්‍යනිය, මියුලැසිය, වනිතාව, මහිලාව, ලලනාව, අඟන, බවලත්, අංගනාව, විලාසනිය
- කැකුළු - පොහොට්ටු, මොට්ටු
- කැමැත්ත - ආශාව, ඇල්ම, රුචිය, මනාපය, ප්‍රසාදය, රිස්ස, අභිරුචිය, අභිලාසය, රිසි, ඉච්ඡාව, මනදොළ
- කැලය - වනාන්තරය, වනය, කැලෑව, වල, අරණ, බැද්ද
- කිරණ - රැස්, කාන්තිය, කැල්ම
- කීර්තිය - ප්‍රසිද්ධිය, කිත්, යස, යසස, යශ, යශස
- කොළ - පත්‍ර, පත්, පලු
- කුකුළා - සැවුලා, කඹසිළු, සරණවි, සැවුල්
- කුට්ටම - සඟල, ජෝඩුව, දෙක, යුගල, යුග්මය
- කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහඟුන්, සකලයන්, දද, සකුණ
- කෙට්ටු - කෙසඟ, සිහින්, හීන්දෑරී, හීන්, කේඩෑරි, කෘශ
- කෙත - කුඹුර, වෙල
- කොඩි - දද, ධජ, පතාක
- කොණ්ඩය - වරල, මුහුල, කෙස්, ඉසකේ, හිසකෙස්, කියඹු
- කොවුලා - පරපුටු, පික, සමත්, කෝකිල, කොහා
- ගඟුලැලි - දියඇලි
- ගස් - තුරු, රුක්, වෘක්ෂ, දුම්
- ගංගාව - ගඟ, නදිය, සිඳු, හොය, හෝ, වසා, නී
- ගින්දර - අග්නි, ගිනි, අනල, කිණුමඟ, හුතැස්, දහන, සිකි
- ගුරුවරයා - ගුරුතුමා, ඇදුරා, ආචාර්යවරයා, විනයු
- ගෙය - ගෙදර, නිවස, ගෘහය, අගර, වාසස්ථානය, නිවාසය
- ගෙහිමියා - ගෘහපතියා, කෙළෙඹියා, ගෘහමූලිකයා
- ජලය - දිය, දෝ, දල, පැන්, වතුර, අම, අම්බු, ආපෝ, උදක, අඹ, සලිල, වාරි, සිලිල්, තා, තෝය, රස, නී, නීර
- ජීවනොේපාය - රැකියාව, වෘත්තිය, රක්ෂාව, ජීවිකාව, යැපුම්මඟ
No comments:
Post a Comment