අ, ආ, ඇ, ඈ

  • අකුණ - හෙණය, අශනිය, සෙනය
  • අඩමාන - සැක සහිත, අනියත, අනුමාන, අස්ථිර
  • අත්තිවාරම - අඩිතාලම, පදනම, ප්‍රතිෂ්ඨාව
  • අත - හස්තය, බාහුව, පාණි, කර, බා
  • අතීත  -  පෙර, පැරණි, පුරාණ, ඉස්සර
  • අඳුර - කළුවර, ඇඳිරිය, අන්ධකාරය, තිමිර  
  • අනංගයා - මින්දද, මල්සරා, මුවරද, මදන, මද, මනයොන්, අනඟ, මලවි, සමර, කාම්පාශ, කම්, උගුදුනු 
  • අනුහස - බලය, ශක්තිය
  • අපමණ - බොහෝ, අනන්ත, සීමාරහිත  
  • අපවාද - බැනුම්, දෝසාරෝපණ, අගුණ
  • අපාය - නිරා, නිරය, නරකාදිය, නරකය, දුගතිය
  • අබරණ - ආභරණ, පළදනා, සැරසිලි
  • අමාරු  -  අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක
  • අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති, මෝ, අමල්, අමදිනි, මාතු 
  • අමුත්තා - ආගන්තුකයා, නාදුනන්නා, නවාගතයා
  • අලුත්  -  නව, නවීන, නැවුම්, නොපැරණි, නව්‍ය, අභිනව, නූතන
  • අවධිය - යුගය, සමය, වකවානුව, කාලසීමාව
  • අවනම්බුව - නිගාව, අපහාසය, අවඥාව, ගැරැහිල්ල, අවමානය,    ගර්හාව, ගැරහුම, නිග්‍රහය, පරිභවය
  • අවවාද - ඔවදන්, දැනමුතුකම්, ඔවා
  • අවසානය - නිමාව, සමාප්තිය, අන්තය, කෙළවර, කොන, නිෂ්ඨාව
  • අවලස්සන  -  කැත, විරූපී, අශෝභන, අසුන්දර
  • අවිශ්වාසය - කුකුස, සැකය
  • අවුරුද්ද - වර්ෂය, වස, වසර
  • අශ්වයා  -  තුරඟා, හය, අසු, සිඳු, සෛන්ධව
  • අසතුට - අමනාප, තරහ, නොසතුට
  • අසල - ළඟ, නුදුරු, ආසන්න, කිට්ටුව, සමීප, වෙත, ගාව, අසබඩ
  • අහස -  අඹර, ගුවන, ගගන, නුබ, ආකාශය, නබෝගැබ, නබර, නබ, දෙව්මග, සියොත්මග, සුරමග
  • අහංකාර - ආඩම්බර, මාන්නය, මානය, අභිමන

  • ආකරය - පතල, පතලය, ප්‍රභවය   
  • ආදරය - ආලය, සෙනෙහස, ස්නේහය, ඇල්ම 
  • ආරම්භය - පටන්ගැන්ම, මුල, ප්‍රභවය 
  • ආරාමය - අරණ, අරම, ආශ්‍රමය 
  • ආලෝකය - ප්‍රභාව, එළිය, කැලුම, ඔභාස 
  • ආශිර්වාදය - ශුභාශිංසන, ආසිරි, පැතුම්, සුභ පැතුම්, ආශිංසනය, සුභාසිරි
  • ආහාර  -  කෑම, බොදුන්, භෝජන, බොජුන්, ගොදුරු

  • ඇඟ  -  ගත, කය, සිරුර, ශරීරය
  • ඇට  -  අස්ථි
  • ඇතා  -  මතඟ, වරණ, හස්ති, ඇත්, ගජ, පිණිපා
  • ඇතුළුවීම - ප්‍රවේශය, පිවිසුම, ප්‍රවිශ්ටය
  • ඇඳ  -  යහන, සයනය, ශයනය, යහනාව 
  • ඇඳිරිය  -  කළුවර, අඳුර, අන්ධකාරය 
  • ඇස්  -  නෙත්, නුවන්, නයන, අක්ෂි, නේත්‍ර, ලෝචන, අක්ඛි, චක්ෂු, චක්ඛු, සක්, ඇහැ

  • ඈලියාව - ආසාව, තණ්හාව, ලෝභය, ඉච්චාව

No comments:

Post a Comment

  අතීත  -  පෙර, පැරණි, පුරාණ, ඉස්සර අමාරු  -  අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති අලුත්  ...