Thursday

 

අතීත  -  පෙර, පැරණි, පුරාණ, ඉස්සර

අමාරු  -  අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක

අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති

අලුත්  -  නව, නවීන, නැවුම්, නොපැරණි

අවලස්සන  -  කැත, විරූපී, අශෝභන, අසුන්දර

අශ්වයා  -  තුරඟා, හය, අසු, සිඳු

අහස -  අඹර, ගුවන, ගගන, නුබ, ආකාශය, නබෝගැබ

ආහාර  -  කෑම, බොදුන්, භෝජන, බොජුන්, ගොදුරු

ඇඟ  -  ගත, කය, සිරුර, ශරීරය

ඇට  -  අස්ථි

ඇතා  -  මතඟ, වරණ, හස්ති, ඇත්, ගජ, පිණිපා

ඇඳ  -  යහන, සයනය

ඇඳිරිය  -  කළුවර, අඳුර, අන්ධකාරය 

ඇස්  -  නෙත්, නුවන්, නයන, අක්ෂි, නේත්‍ර, වක්ඵු


ඉර - සූර්යයා, රිවි, දිනමිණ, දිනකර, දිනිඳු, දිනේන්ද්‍ර


උනන්දුව  -  වෑයම, උත්සාහය, වීර්යය, දිරිය, වෙර, පරිශ්‍රමය

උපකාරය  -  උදව්ව, පිහිට, සරණ, සහාය, ආධාරය, රුකුල

උසස්  -  උතුම්, ශ්‍රේෂ්ඨ, මහඟු, උදාර, උත්කෘෂ්ට, වටිනා

ඌරා  -  සූකරයා 


ඔල්වරසන්  -  ජයඝෝෂා, ජයගොස, ප්‍රීතිඝෝෂා

ඔළුව  -  හිස, සිරස, ශීර්ෂය, ඉස


කකුල  -  පය, පාදය, ගාතය, ගාත්‍රය, පිය

කන්ද - පර්වතය, පව්ව, ගිර, කූටය

කන  -  සවන, වදන්මඟ, කර්ණය, සෝ, ශ්‍රවණය

කරදර  -  ගැහැට, උවදුරු, අනතුරු, අන්තරා, උපද්‍රව, විපත්, ආපදා

කල්‍යාණ  -  හොඳ, යහපත්, කලණ 

කැකුළු  -  පොහොට්ටු, මොට්ටු

කැමැත්ත  -  ආශාව, ඇල්ම, රුචිය, මනාපය, ප්‍රසාදය, රිස්ස

කැලය - වනාන්තරය, වනය, කැලෑව, වල, අරණ, බැද්ද

කොළ  -  පත්‍ර, පත්, පලු

කුකුළා  -  සැවුලා, කඹසිළු, සරණවි, සැවුල්

කුරුල්ලෝ  -  පක්ෂීන්, සියොතුන්, විහඟුන්, සකලයන්, දද, සකුණ

කෙට්ටු  -  කෙසඟ, සිහින්, හීන්දෑරී

කෙත  -  කුඹුර, වෙල 

කොඩි  -  දද, ධජ, පතාක

කොණ්ඩය  -  වරල, මුහුල, කෙස්, ඉසකේ, හිසකෙස්, කියඹු 

කොවුලා  -  පරපුටු, පික, සමත්, කෝකිල, කොහා


ගඟුලැලි  -  දියඇලි

ගස්  -  තුරු, රුක්, වෘක්ෂ, දුම්

ගංගාව - ගඟ, නදිය, සිඳු, හොය, හෝ, වසා, නී

ගින්දර - අග්නි, ගිනි, අනල, කිණුමඟ, හුතැස්, දහන, සිකි

ගුරුවරයා - ගුරුතුමා, ඇදුරා, ආචාර්යවරයා, විනයු

ගෙය - ගෙදර, නිවස, ගෘහය, අගර, වාසස්ථානය, නිවාසය

ගෙහිමියා  -  ගෘහපතියා, කෙළෙඹියා, ගෘහමූලිකයා

ජලය - වතුර, දිය, පැන්, උදක, අඹ, සිලිල්, සලිල

ජීවනොේපාය  -  රැකියාව, වෘත්තිය, රක්ෂාව, ජීවිකාව, යැපුම්මඟ


තරහ  -  කෝපය, කේන්තිය, උරණ

තාප්පය  -  පවුර, ප්‍රකාරය

තාරකා - තරු, දද

තිළිණය  -  තෑග්ග, ත්‍යාගය, පඞුර


දත්  -  දන්ත, දසන්, දද, දළ, දසන, රදන

දිලිසෙන  -  දිලෙන, බැබළෙන

දුක  -  ශෝකය, කනගාටුව, දොම්නස, සොව

දේදුන්න - ඉන්ද්‍රචාපය, ඉඳුසැම්ම, ඉඳුදද, සුරුසැව්ව

ධනවත්  -  ධනේශ්වර, පොහොසත්, පෝසත්


නරියා  -  හිවලා, කැනහිලා, ශෘගාලයා, සිඟාලයා

නියඟය  -  ඉඩෝරය, පෑවිල්ල

නිර්භීත  -  අභීත, නිර්භය, එඩිතර

නුවණ  -  බුද්ධිය, නැණ, ප්‍රඥාව, ඥානය

නෙළුම්  -  කමල්, පියුම්, තඹුරු, සියපත්, ශතපත්‍ර, පද්ම


පාන්දර  -  අලුයම, උදෑසන, හිමිදිරිය, උදේ

පාර  -  මාවත, මඟ, මාර්ගය

පාසල - සිප්හල, පාඨශාලාව, විද්‍යාලයය, විදුහල, ශාස්ත්‍රාලය

පිපාසය  -  තිබහ, පවස

පිළිමය  -  ප්‍රතිමාව, පිළිරුව, අනුරුව, ප්‍රතිරූපය, ප්‍රතිමූර්තිය

පොත  -  ග්‍රන්ථය, පුස්තකය, ගත

පොළොව - දෙරණ, භූමිය, ධරණි, පෘථිවිය, මිහිකත, බිම

ප්‍රශංසාව  -  ස්තුතිය, තුතිය, පැසසුම, ගෞරවය

ප්‍රශ්නය  -  පැනය, ගැටලුව

ප්‍රසිද්ධ  -  පතළ, පසිඳු, පවර, ප්‍රකට, පුවතර, පරසිදු


බඩගින්න  -  සාගින්න, කුසගින්න, ක්ෂුධාගින්න

බළලා  -  පූසා, බිළාලයා, විඩාලයා 

බිරිඳ  -  බිරිය, අඹුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව

බෙල්ල  -  ගෙල, ග්‍රීවය, බොටුව, කුළල

බෙහෙත්  -  ඖෂධ, ඔසු


මල්  -  කුසුම්, පුෂ්ප

මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න

මුහුණ  -  මූණ, වත, වුවන, වක්ත්‍රය, වදන

මොනරා  -  මයුර, නිල්ගෙල, පිල්බර, මියුරු, නිල්කට, සිකි


යාළුවා  -  යහළුවා, සගයා, මිතුරා, මිත්‍රයා, සකි, සහෘදයා

යුගය  -  සමය, අවධිය, වකවානුව, කාලසීමාව


රජතුමා  -  රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, භූපති, නරපති

රටවැසියා  -  මහජනයා, ප්‍රජාව, රැටියා

රත්රන් - රන්, කනක, කසුන්, කාංචන, ස්වර්ණ, රත්තරන්


ලස්සන  -  අලංකාර, ප්‍රියංකර, පියකරු, මනහර, ශෝභන, දර්ශනීය

ලාම්පුව  -  ප්‍රදීපය, පහන, පාන


වඳුරා  -  සාමුව, ගොනඟුල්, ශාඛාමෘග, වානරයා

වර්ෂාව  -  වැස්ස, අහස් දිය

වලාකුළු - මේඝ, ජලධර, වලා, දලදර, දුම්යොන්, සිලිල්දා

වාහනය  -  රථය, රිය, යානය 

වැල්  -  ලතා, ලිය

විසඳුම  -  තීරණය, විනිශ්චය, පිළිතුර


සතුට  -  සන්තෝෂය, ප්‍රීතිය, සොම්නස, ප්‍රමෝදය, ආනන්දය

සතුරා  -  හතුරා, රුපු, පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු

සවස  -  හැන්දෑව, සැන්දෑව, සැඳෑව, සන්ධ්‍යාව, නිශාමුඛ

සාගතය  -  දුර්භික්ෂය

සුළඟ - පවන, නල, මාරුතය, සමීරණ, මරු, වා

සාගරය - සයුර, සමුද්‍රය, සමුදුර, ජලනිධි, රුවනාර, සිලිලාර

සිහිනය  -  ස්වප්නය, හීනය

සිංහයා  -  කෙසරිඳු, මිගිඳා, සිහ, සීහ, කෙසර, ඇත්රුපු

සුදු  -  ධවල, ශ්වේත, සේ


හඬ  -  නාදය, ශබ්දය, රාවය, නද, රැව්, ධ්වනිය

හඳ - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු, සිසි, නිශාකර, සොමි

හිඟන්නා  -  යාචකයා, යදියා

  අතීත  -  පෙර, පැරණි, පුරාණ, ඉස්සර අමාරු  -  අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති අලුත්  ...