ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ

  • ඉක්මන් - යුහුසුළු, වහා, හදිසි, කඩිනම්, යුහු, හදිසි, ශීඝ්‍ර 
  • ඉඩෝරය - පෑවුම, නියඟය, පෑවිල්ල
  • ඉමහත් - අතිවිශාල, ඉතා, බොහෝ 
  • ඉර - රේඛාව, සූර්යයා, වයිරම 
  • ඉල්ලුම් පත්‍රය - අයදුම්පත, අයදුම
  • ඉස්සර - පැරණි, පරණ, පුරාණ, අතීත, පෞරාණික, ආදී, පොරණ, පුරාතන, ඉහත, ප්‍රාග්, ආදිකාලීන, චිරන්තන, කල්ගිය

  • උගත් - වියත්, ඥානවන්ත, ප්‍රඥාවන්ත, විද්වත්, පඬි, විදග්ධ, නැණවත්  
  • උගුල - පාශය, තොණ්ඩුව, පස
  • උචිත - සුදුසු, නිසි, ගැළපෙන, යෝග්‍ය
  • උට්ඨානවීර්යය - නොපසුබට උත්සාහය  
  • උණුසුම - රශ්ණය, ග්‍රීෂ්මය, දාහය, උෂ්ණය, ගිණියම
  • උත්සවය - උළෙල 
  • උත්සාහය - ව්‍යායාමය, වෑයම, පරිශ්‍රමය, තැත, ආයාසය, මහන්සිය, යත්නය, දිරිය, ප්‍රයත්නය, ප්‍ර‍යාස, ධෛර්යය, වීර්යය
  • උතුම් - අග්‍ර, විශිෂ්ට, වර, මහරු, ප්‍රශස්ථ, සිරිමත්, ශ්‍රේෂ්ඨ, පවර, උස්, උසස්, මහාර්ඝ, ප්‍රවර, උත්තම, ශ්‍රීමත්  
  • උනන්දුව  -  වෑයම, උත්සාහය, වීර්යය, දිරිය, වෙර, පරිශ්‍රමය
  • උදරය - කුස, ගැබ, බඩ, කුක්ෂිය         
  • උදව්ව - ආධාර, උපකාරය, අනුබලය, අනුග්‍රහය, උදව්, නාථ, පිටිවහල, පිහිට, සරණ, පිටුබලය  
  • උදෑසන - අලුයම, පාන්දර, අරුණෝදය, හිමිදිරිය, ප්‍රභාතය 
  • උපකාරය  -  උදව්ව, පිහිට, සරණ, සහාය, ආධාරය, රුකුල
  • උපත - ජන්ම, ජන්මය, ඉපදුම, ජනිත වීම, උත්පත්තිය, හටගැනීම, බිහිවීම
  • උවමනා - අවශ්‍ය, ඕනෑ 
  • උසස්  -  උතුම්, ශ්‍රේෂ්ඨ, මහඟු, උදාර, උත්කෘෂ්ට, වටිනා

  • ඌරා  -  සූකරයා 

  • එඩිතර - නිර්භීත, නිර්භය, අභීත, වික්‍රම 
  • එල්ලය - ඉලක්කය, අභිප්‍රාය, අරමුණ, මානම

  • ඔත්පළ - දුර්වල, ගිලන්  
  • ඔල්වරසන් - ප්‍රීතිඝෝෂා, ජයගොස, ජයඝෝෂා 
  • ඔළුව  -  හිස, සිරස, ශීර්ෂය, ඉස

  

No comments:

Post a Comment

  අතීත  -  පෙර, පැරණි, පුරාණ, ඉස්සර අමාරු  -  අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති අලුත්  ...