අතීත - පෙර, පැරණි, පුරාණ, ඉස්සර
අමාරු - අපහසු, දුෂ්කර, උගහට, අසීරු, කටුක
අම්මා - මව, මෑණියන්, මෑණියෝ, මාතා, මාතෘ, ජනනි, දිනිති
අලුත් - නව, නවීන, නැවුම්, නොපැරණි
අවලස්සන - කැත, විරූපී, අශෝභන, අසුන්දර
අශ්වයා - තුරඟා, හය, අසු, සිඳු
අහස - අඹර, ගුවන, ගගන, නුබ, ආකාශය, නබෝගැබ
ආහාර - කෑම, බොදුන්, භෝජන, බොජුන්, ගොදුරු
ඇඟ - ගත, කය, සිරුර, ශරීරය
ඇට - අස්ථි
ඇතා - මතඟ, වරණ, හස්ති, ඇත්, ගජ, පිණිපා
ඇඳ - යහන, සයනය
ඇඳිරිය - කළුවර, අඳුර, අන්ධකාරය
ඇස් - නෙත්, නුවන්, නයන, අක්ෂි, නේත්‍ර, වක්ඵු
ඉර - සූර්යයා, රිවි, දිනමිණ, දිනකර, දිනිඳු, දිනේන්ද්‍ර
උනන්දුව - වෑයම, උත්සාහය, වීර්යය, දිරිය, වෙර, පරිශ්රමය
උපකාරය - උදව්ව, පිහිට, සරණ, සහාය, ආධාරය, රුකුල
උසස් - උතුම්, ශ්‍රේෂ්ඨ, මහඟු, උදාර, උත්කෘෂ්ට, වටිනා
ඌරා - සූකරයා
ඔල්වරසන් - ජයඝෝෂා, ජයගොස, ප්‍රීතිඝෝෂා
ඔළුව - හිස, සිරස, ශීර්ෂය, ඉස
කකුල - පය, පාදය, ගාතය, ගාත්‍රය, පිය
කන්ද - පර්වතය, පව්ව, ගිර, කූටය
කන - සවන, වදන්මඟ, කර්ණය, සෝ, ශ්‍රවණය
කරදර - ගැහැට, උවදුරු, අනතුරු, අන්තරා, උපද්‍රව, විපත්, ආපදා
කල්‍යාණ - හොඳ, යහපත්, කලණ
කැකුළු - පොහොට්ටු, මොට්ටු
කැමැත්ත - ආශාව, ඇල්ම, රුචිය, මනාපය, ප්‍රසාදය, රිස්ස
කැලය - වනාන්තරය, වනය, කැලෑව, වල, අරණ, බැද්ද
කොළ - පත්‍ර, පත්, පලු
කුකුළා - සැවුලා, කඹසිළු, සරණවි, සැවුල්
කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහඟුන්, සකලයන්, දද, සකුණ
කෙට්ටු - කෙසඟ, සිහින්, හීන්දෑරී
කෙත - කුඹුර, වෙල
කොඩි - දද, ධජ, පතාක
කොණ්ඩය - වරල, මුහුල, කෙස්, ඉසකේ, හිසකෙස්, කියඹු
කොවුලා - පරපුටු, පික, සමත්, කෝකිල, කොහා
ගඟුලැලි - දියඇලි
ගස් - තුරු, රුක්, වෘක්ෂ, දුම්
ගංගාව - ගඟ, නදිය, සිඳු, හොය, හෝ, වසා, නී
ගින්දර - අග්නි, ගිනි, අනල, කිණුමඟ, හුතැස්, දහන, සිකි
ගුරුවරයා - ගුරුතුමා, ඇදුරා, ආචාර්යවරයා, විනයු
ගෙය - ගෙදර, නිවස, ගෘහය, අගර, වාසස්ථානය, නිවාසය
ගෙහිමියා - ගෘහපතියා, කෙළෙඹියා, ගෘහමූලිකයා
ජලය - වතුර, දිය, පැන්, උදක, අඹ, සිලිල්, සලිල
ජීවනොේපාය - රැකියාව, වෘත්තිය, රක්ෂාව, ජීවිකාව, යැපුම්මඟ
තරහ - කෝපය, කේන්තිය, උරණ
තාප්පය - පවුර, ප්‍රකාරය
තාරකා - තරු, දද
තිළිණය - තෑග්ග, ත්‍යාගය, පඞුර
දත් - දන්ත, දසන්, දද, දළ, දසන, රදන
දිලිසෙන - දිලෙන, බැබළෙන
දුක - ශෝකය, කනගාටුව, දොම්නස, සොව
දේදුන්න - ඉන්ද්‍රචාපය, ඉඳුසැම්ම, ඉඳුදද, සුරුසැව්ව
ධනවත් - ධනේශ්වර, පොහොසත්, පෝසත්
නරියා - හිවලා, කැනහිලා, ශෘගාලයා, සිඟාලයා
නියඟය - ඉඩෝරය, පෑවිල්ල
නිර්භීත - අභීත, නිර්භය, එඩිතර
නුවණ - බුද්ධිය, නැණ, ප්‍රඥාව, ඥානය
නෙළුම් - කමල්, පියුම්, තඹුරු, සියපත්, ශතපත්ර, පද්ම
පාන්දර - අලුයම, උදෑසන, හිමිදිරිය, උදේ
පාර - මාවත, මඟ, මාර්ගය
පාසල - සිප්හල, පාඨශාලාව, විද්‍යාලයය, විදුහල, ශාස්ත්‍රාලය
පිපාසය - තිබහ, පවස
පිළිමය - ප්‍රතිමාව, පිළිරුව, අනුරුව, ප්‍රතිරූපය, ප්‍රතිමූර්තිය
පොත - ග්‍රන්ථය, පුස්තකය, ගත
පොළොව - දෙරණ, භූමිය, ධරණි, පෘථිවිය, මිහිකත, බිම
ප්‍රශංසාව - ස්තුතිය, තුතිය, පැසසුම, ගෞරවය
ප්රශ්නය - පැනය, ගැටලුව
ප්‍රසිද්ධ - පතළ, පසිඳු, පවර, ප්‍රකට, පුවතර, පරසිදු
බඩගින්න - සාගින්න, කුසගින්න, ක්ෂුධාගින්න
බළලා - පූසා, බිළාලයා, විඩාලයා
බිරිඳ - බිරිය, අඹුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව
බෙල්ල - ගෙල, ග්රීවය, බොටුව, කුළල
බෙහෙත් - ඖෂධ, ඔසු
මල් - කුසුම්, පුෂ්ප
මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න
මුහුණ - මූණ, වත, වුවන, වක්ත්‍රය, වදන
මොනරා - මයුර, නිල්ගෙල, පිල්බර, මියුරු, නිල්කට, සිකි
යාළුවා - යහළුවා, සගයා, මිතුරා, මිත්‍රයා, සකි, සහෘදයා
යුගය - සමය, අවධිය, වකවානුව, කාලසීමාව
රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, භූපති, නරපති
රටවැසියා - මහජනයා, ප්‍රජාව, රැටියා
රත්රන් - රන්, කනක, කසුන්, කාංචන, ස්වර්ණ, රත්තරන්
ලස්සන - අලංකාර, ප්‍රියංකර, පියකරු, මනහර, ශෝභන, දර්ශනීය
ලාම්පුව - ප්‍රදීපය, පහන, පාන
වඳුරා - සාමුව, ගොනඟුල්, ශාඛාමෘග, වානරයා
වර්ෂාව - වැස්ස, අහස් දිය
වලාකුළු - මේඝ, ජලධර, වලා, දලදර, දුම්යොන්, සිලිල්දා
වාහනය - රථය, රිය, යානය
වැල් - ලතා, ලිය
විසඳුම - තීරණය, විනිශ්චය, පිළිතුර
සතුට - සන්තෝෂය, ප්‍රීතිය, සොම්නස, ප්‍රමෝදය, ආනන්දය
සතුරා - හතුරා, රුපු, පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු
සවස - හැන්දෑව, සැන්දෑව, සැඳෑව, සන්ධ්‍යාව, නිශාමුඛ
සාගතය - දුර්භික්ෂය
සුළඟ - පවන, නල, මාරුතය, සමීරණ, මරු, වා
සාගරය - සයුර, සමුද්‍රය, සමුදුර, ජලනිධි, රුවනාර, සිලිලාර
සිහිනය - ස්වප්නය, හීනය
සිංහයා - කෙසරිඳු, මිගිඳා, සිහ, සීහ, කෙසර, ඇත්රුපු
සුදු - ධවල, ශ්වේත, සේ
හඬ - නාදය, ශබ්දය, රාවය, නද, රැව්, ධ්වනිය
හඳ - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු, සිසි, නිශාකර, සොමි
හිඟන්නා - යාචකයා, යදියා